බෝර 12 ගිනි අවියක් සහ එම ගිනි අවියට යොදන එස්.ජි පතුරම් 10 ක් සමග දඩයම්කරුවෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා තම පොලිසිය වෙත භාර දුන් බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක රත්නායක මහතා පැවසිය.
කොත්මලේ පොලිස් වසමට අයත් තවලන්තැන්න කරගස්තලාව ප්රදේශයේ සැකකරුගේ නිවසේ තිබි බෝර 12 ගිනි අවිය සහ පතුරම් 10 අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් භාරයට ගත් ගිනි අවිය නිතියානුකුල බලපත්රයක් තිබුණද ගිනි අවිය භාවිතා කල අවු 50 ක් වයසැති දඩයම්කරු සන්තකයේ බලපත්රයක් නොතිබුණු බවයි වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින්ගෙන් කල විමසුමකදි කියා සිටියේ.
යුධ හමුදා බුද්ධි අංශය සහ තලවකැලේ පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරු , ගිනි අවිය සහ පතුරම් තොගය අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි කොත්මලේ පොලිසිය කියා සිටියේ.