“පෙර පාසල් ගුරුවරු 45000 ක් අද අසරණ වෙලා .
සමහරු අද බඩ ඉරිඟු විකුණන තත්වෙට පත්වෙලා .
සමහරු කම්කරු වෘත්තියට බැහැලා .
මුල් ලමා විය සංවර්ධනය කිරීමේ මධ්‍යස්ථාන විධිමත් භාවයට පියවර ගන්නවා . ” පෙර පාසල් ගුරුවරු රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහනය කිරීම සලකා බැලීමට පියඩර ගන්නවා .
පෙර පාසල් පෞද්ගලික මට්ටමින් පවත්වා ගෙන යන නිසා ඒ පිළිබඳව තව දුරටත් සාකච්චා තළ යුතුයි . යැයි පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යතුමා අද දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා .
අද දින (08 ) පෙර පාසල් වෘත්තීය සමිකි සමග සාකච්චාවක් ද පවත්වන බව අමාත්‍යවරයා අදහස් දැක්වූවා .
“මහින්ද රාජපක්ෂ මැතිතුමා රුපියල් 2500.00 ක දීමනාවක් පෙර පාසල් ගුරුවරුන්ට දෙන්න කිව්වත් පසුගිය ආණ්ඩුවෙන් ගුරුවරුන්ට ලබා දුනනේ රුපියල් 250 ක් විතරයි. ”
අපි මේ ගුරුයරුන් ශක්තිමත් කරන්න වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරනවා .
අමාත්‍යවරයා තවදුරටත් අදහස් දැක්වූයේ බුද්ධික පතිරන මහතා යොමුකළ ප්‍රහ්නයකට පිළිතුරු ලබා දෙමින්.