රටේ වැදගත් රාජ්‍ය ආයතන ගණනාවකට බලපාන 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත, 2002 දෙසැම්බර් මස 22 වන දින නීතිගත කරන ලද පනත සහ 2002 දෙසැම්බර් 22 වන ගැසට් පත්‍රයේ පල කරන ලද විශේෂ විධි විධාන යටතේ සමස්ථ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පනතක් බව හඳුන්වා දීමට කැමතියි.
ඒ අනුව මේ පනත ස්ථාපනය කළ දිනයේ සිට විශේෂයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යනුවෙන් හැඳින්වෙන මෙම කොමිෂන් සභාවේ 3 – 1 (1) පස්වන වගන්තියේ විධි විධාන වලට යටත්ව කොමිෂන් සභාව අමාත්‍යවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟත්වය පත් කරනු ලබන සාමාජිකයන්ගෙන් පස් දෙනෙකුගෙන් සමන්විතය.
එහි සාමාජිකයන් පත් කිරීමේදී ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ සුවිශේෂ දක්ෂතා ඇති අය පත් කිරීමද එම පනතේම ප්‍රකාශ කර ඇත. විශේෂයෙන් ඉංජිනේරු ක්ෂේත්‍රය පිළිබඳ ඒ වගේම ව්‍යාපාර කළමණාකරන ක්ෂේත්‍රය පිළිබඳ අත් දැකීම්, පලපුරුද්ද ඇති අය පත් කිරීමට හැකි වන පරිදි එම පනත පාර්ලිමේන්තුවේ නීතිගත කර ඇත.
ඒ අනුව විශේෂයෙන් මෙම කොමිෂන් සභාව විසින් බලාපොරොත්තු වන ප්‍රධානම අරමුණක් නම් මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතා වන විදුලිය, ජලය, ගෑස්, ඛනිජ තෙල් යන මෙවැනි ව්‍යාපාර පවත්වාගෙන යාමත් ජනතාවට බලපාන ආකාරය පිළිබඳ පාලනය කිරීමටත් මෙම පනත සමත් වී තිබෙනවා.
අපේ පාලන කාලයෙත් කැබිනට් මණ්ඩලය ගත් තීන්දු මෙම කොමිෂන් සභාව විසින් පාලනය කළා.
විශේෂයෙන් මේ පනත අනුව කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් වුවත්, එසේත් නොමැති නම් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන මහජනයාට අහිතකර තීරණයක් වුවත් පාලනය කිරීමට මහජනතාවට මෙම බලය ලැබෙන පරිදි මෙම පනත සකස් කර තිබීම තමයි මෙම පනතේ තිබෙන විශේෂත්වය කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.
මේ වගන්තිය වර්ථමානයේ ක්‍රියාවට නැංවිය හැක්කේ මෙම විෂය මේ අවස්ථාව වන විට රජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ අති විශේෂ ගැසට් පත්‍රය අංක 21-96 / 27, 2020 ඔක්තෝම්බර් මස 06 වන දින රජයේ නිවේදන යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ 10 වෙනි පිටුවේ 12-ඒ පිටුවේ මුදල් අමාත්‍යවරයා යටතේ ගැසට් කර ඇති මුදල් අමාත්‍යවරයා යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ගැසට් පත්‍රය මගින් තහවුරු කර ඇත.
නමුත් මේ අවස්ථාවේදී ජනාධිපති ලේකම්වරයා සිටි මෙම කොමිෂන් සභාව අකර්මන්‍ය කිරීමට ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බව මෙම පනත අනුව ඉතා පැහැදිළිව පෙනෙන කරුණකි. ඒ වගේම ඒ පනතේ 5 පිටුවේ කොමිෂන් සභාවේ ප්‍රථම සාමාජිකයන් අතරේ සභාපති ලෙස පත් කරනු සාමාජිකයා හැර අනෙකුත් සමාජිකයන් අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන පරිදි පළිවවෙලින් අවුරුදු 4 ද 3 ද 2 සහ එක් අවුරුදු කාලයක් දූරය දැරිය යුතු බවද පනතේ සඳහන් වී ඇත.
එමෙන්ම 7 පිටුවේ 8 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පේළියේ සඳහන් වන්නේ සභාපතිවරයාගේ දූර කාලය අවුරුදු 5ක් විය යුතුය. සභාපතිවරයා සභාපති දූරය අත් හැරීමෙන් සභාපති ලෙස නැවත පත් කරනු ලැබීමට සුදුස්සකු නොවිය යුතුය.
ඒ අනුව පෙනී යන්නේ සභාපතිවරයා යම් බලපෑමක් හෝ වෙනත් කාරණයක් හේතුවෙන් අයින් විමට කටයුතු කළහොත් ඔහුගේ වෘත්තියට එය බලපානු ඇත. උදාහරණයක් විදියට ඔවුන් විසින් අනාගතයේ ජලය, විදුලිය වෙනත් කාරණා සම්බන්ධයෙන් විශේඥයෙන් නම් ඔහු විසින් දෙනු ලබන යම් යම් තීරණ ඕනෑම තැනකදි අභියෝගයට ලක් කිරීමටද හේතු විය හැක.
එබැවින් එවැනි ශක්තිමත් පනතක් සකස් කර තිබෙන්නේ අමාත්‍ය මණ්ඩලය හෝ වෙනයම් අවස්ථාවක යම්කිසි හිතුවක්කාර ක්‍රියාවක් සිදු වුණා නම් මහජනයාට අහිතකර එය පාලනය කිරීම සඳහායි. උදාහරණයක් විදියට අප පාලනය කාලය තුළද යම් යම් ගන්න ගිය අමාත්‍ය මණ්ඩල තීරණ මේ කොමිෂන් සභාව හරහා පාලනය කිරීම සිදු විය. එය මහජනතාවට හිතකරය, අමාත්‍ය මණ්ඩලයට අහිතකරය. ඒ අනුව මේ පනතේ ඉතා වැදගත් කාරණා රාශියක් සඳහන් වෙන පනතක් බව මහජනතාව සහ මහජන නියෝජිතයන්ද ඉතාම කල්පනාවෙන් තේරුම් ගත යුතු යැයි මම විශ්වාස කරමි.
විශේෂයෙන් මේ පනතේ 13 වෙනි පිටුවේ සඳහන් වන තවත් වැදගත් කාරණයක් නම් පනතේ 13 වෙනි පිටුවේ 3-2 උප වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් තමන්ගෙන් ඉල්ලා සිටින ලද තොරතුරු, පොත් පත්, ගිණුම් හෝ වෙනත් ලේඛන සැදීම සාධාරණ හේතුවක් නොමැතිව පැහැර හැරියොත් කවර හෝ තැනැත්තෙක් වරදකට වරදකරු වන අතර මහේස්ත්‍රාත් ඉදිරියේ පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු වුවහොත් රුපියල් මිලියන 1 ක් නොඉක්මවන දඩයක්ද යටත් වන අතර, එම වරද අඛණ්ඩ අවස්ථාවක වන අතර එම පැහැර හැරීම කරගෙන යන එක් එක් දවසක් සඳහා වැඩිපුර රුපියල් 50,000ක දඩයකට යටත් වනු ඇත. ඒ හරහාද කර්මාන්තකරුවන් සහ පාරිභෝගිකයන් දෙපාර්ශවයම ආරක්ෂා වීමට මේ හරහා පියවර ගෙන තිබෙන බව වැඩි දුරටත් මේ පනත අනුව පැහැදිළි වන කරුණකි.
මේ පනතේ විධි විධාන වලට අනුකූලව බලාගෙන යාමේදී පේන ප්‍රධාන කාරණයක් නම් රජයට කුමක් වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහජනතාවට තියෙන බලය රජයට අවශ්‍ය විදියට ක්‍රියා කිරීමට හැකි නොවන පරිදි, මහජනතාව ආරක්ෂා වන පරිදි මේ පනත සම්මත කර ඇති බව පෙනී යන ප්‍රධාන කරුණකි.
එමෙන්ම විශේෂයෙන් පනතේ 23 වෙනි පිටුවේ 22 වන වගන්තියට අනුව ප්‍රකාශ වන කාරණාව (ඈ ) වගන්තිය යටතේ කටයුතු කරන ආකාරය මගින් විශේෂයෙන්,
- ගැණුම් මිළ හෝ විකුණුම් මිළ කෙලින් හෝ අන් ආකාරයකින් නියම කරන්නේ නම්,
- වෙළඳපොල තරඟකරුවෙකු ඉවත් කෙරෙන්නේ නම්, තරඟකරුවෙකුට සැළකිය යුතු අලාභ කරන්නේ නම්,
- වෙළඳපොලට තරඟකරු ඇතුල්වීම වැළැක්වන්නේ නම්,
- වෙළඳපොලේ තරඟාකාරිත්වය හා ක්‍රියාකාරිත්වයේ යෙදීම ලා යම් තැනැත්තෙකුට අවහිර කෙරෙන්නේ නම්, ඒ ක්‍රියාවන්හී යෙදීම වැළැක්වෙන්නේ නම්,
- පාරිභෝගිකයෙකුට නිර්මාණය කළඅස්ථිරත්වයකින් හෝ මාරු වීමේ හැකියාව අනිසි ලෙස සීමා කරන්නේ නම් ඔවුන් පාලනය කෙරෙන්නේ නම් එහි ප්‍රමුඛ තරාතිරම අනිසි ලෙස යෙදීම සංයුතිය වේ. ඒ හරහාද පාරිභෝගිකයා සහ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට ඉතාම ශක්තිමත් තීරණ ගෙන ඇති බව පෙනී යයි.
විශේෂයෙන් මෙම පනතේ 31 වන පිටුවේ 4 වන කොටසේ
පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව
එහි 28 වන වගන්තිය, යම් කර්මාන්ත පනතක් යටතේ හෝ ඒ පනත් යටතේ සාදන ලද නියෝගයන් යටතේ ස්වකීය බලතල ක්‍රියා කිරීමේදී, යෙදවීමේදී කොමිෂන් සභාව විසින් පහත සඳහන් ක්‍රියාවන් අනුගමනය කළ යුතුය.
(අ) ජීවිත හා දේපලවලට අන්තරාකාරී භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට එරෙහිව පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම.
(ආ) අසාධාරණ වෙළඳ ක්‍රියාවන්ට එරෙහිව පාරිභෝගි අයිතිවාසිකම්,
(ඇ) කරුණු කියා සිටීමට සහ පාරිභෝගික අයිතින් කෙරෙහි කිසි සැලකිල්ලකට භාජනය වීමේ අයිතිවාසිකම,
(ඈ) පාරිභෝගික අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය.
එමෙන්ම පාරිභෝගික උපදේශන කමිටු සකස් කිරීමටද කොමිෂන් සභාව විසින් අමාත්‍යවරයාගේ විමසීමෙන් පසුව පාරිභෝගික උපදේශන කමිටු පත් කිරීමේ බලය මෙම කමිටුවට ඇත.
මෙම කොමිෂන් සභාව සහ වෙනත් පුද්ගලික මණ්ඩල අතර සහයෝගිතාව ඇති කිරීම සඳහා පනතේ 37 වෙනි පිටුවේ 35 වෙනි කොටසේ පළවෙනි වගන්තිය, කොමිෂන් සභාව සහ පහත සඳහන් ආයතනද ඇතුලත් කර ඇත.
(අ) මධ්‍යම පරිසර අධිකාරිය
(ආ) නාගරික සංවර්ධන අධිකාරිය
(ඈ) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ
(ඈ) මේ වගන්තියේ කාර්යය සහ අමාත්‍යවරයා විසින් නම් කරන ලද වෙනත් යම් නියාමන පුද්ගලික මණ්ඩලද
මෙම කොමිෂන් සභාව තුළට ඇතුලත් කර තිබීම මහජනතාවට සිදු කරන සුවිශේෂි ආරක්ෂාවක් ලෙස සැළකිය හැකිය.
විශේෂයෙන් මෙම පනතේ 45 වෙනි පිටුවේ සඳහන් වන ආකාරයට විදුලි බල කර්මාන්ත, ජන සෙවණ කර්මාන්ත සහ ඛනිජ තෙල් කර්මාන්ත සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු මේ රටේ ජනතාවට බලපාන සුවිශේෂී ආයතන සහ විවධ සංස්ථා, දේපාර්තමේන්තු මෙම පනතට පාලනය කිරීමට බලය පවරා ඇත.
ජනාධිපති ලේකම් වරයාට එවැනි ආයතනයකට විසුරුවා හැරිමට කිසිදු බලයක් නොමැති බව පනත අනුව පෙනී යන කරුණකි. එවැන්නක් සිදු කිරීමට කෙසේද ක්‍රියාකරන්නේ කියන කාරණය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතු සහ විෂය භාර අමාත්‍යවරයා සතු කාරණයක් වනු ඇත. එබැවින් මෙවන් ජාතික වැදගත්කමකින් යුත් මහජනතාවගේ ආරක්ෂාව සඳහා තිබෙන වඩාත් ශක්තිමත් අන පනත් නිසියාකාරව ආරක්ෂා කර ගැනීමෙන් වැළකුණොත් මේ රටේ ජනතාවට ඉතාමත් අහිතකර ප්‍රතිපල ගෙනදීමට හේතුවනු ඇත.
විශේෂයෙන් මේ අවස්ථාවේදී මෙවන් ජාතික වැදගත්කමකින් යුත් පනත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණු, එමෙන්ම මෙම කොමිෂන් සභාවේ මේ පනත යටතේ ආරම්භ වූ ව්‍යවස්ථා සභාවේ කාර්ය භාරයත් කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීමේදී එයට ගැලපෙන සාමාජිකයන් ඇතුලත් කළ හැකි පනතක් එමෙන්ම කොමිෂන් සභාවේ සාමාජිකයන්ට යම් කිසි බලපෑමක් ආ විට ඉල්ලා අස් වීමට ඔවුන්ගේ දූර කාලය මහජනතාවගේ ආරක්ෂාව සඳහා ඔවුන්ව කොටු කර තැබීමත් ඉතා වැදගත් ලක්ෂණ ලෙස මෙම පනතේ වගන්ති වලින් පෙනී යන කරුණක්ය.
පසුගිය මෙම පනත සම්මත වූ දින සිට විවිධ ආණ්ඩු, විවිධ ඇමතිවරු, විවිධ ජනාධිපතිවරු කිසිදු අවස්ථාවක පත් වී සිටි කොමිෂන් සභාවේ සාමාජිකයන් හෝ වෙනත් අය ඉවත් කිරීම හෝ අකර්මන්‍ය කිරීම සිදු කර නොමැති බව ඉතිහාසය දෙස බැලූ විට පෙනී යන කරුණකි.
ඒ අනුව වර්ථමානයේ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේද විශේෂ වගකීමක් වන්නේද මෙම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීමයි.
මෙවන් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නොමැති අන පනත් පාර්ලිමේන්තුව තුළ තිබෙන බලය අනිසි ලෙස මොනයම් ලේකම්වරයෙකු විසින් පාලනය කරන්නේ නම් එය නීති විරෝධි ක්‍රියාවක් ලෙස විශේෂයෙන් සඳහන් කරන්නට කැමතියි. එබැවින් මෙවන් කාරණා සම්බන්ධයෙන් මාධ්‍යයත් පාර්ලිමේන්තුවේ සියළුම මහජන නියෝජිතයනුත්, සියළුම දේශපාලන පක්ෂවල නායකයනුත් සිහි බුද්ධියෙන් ක්‍රියා කළ යුතුව ඇති බව වැඩි දුරටත් මතක් කරමි.
එසේ කළහොත් කර්මාන්ත කරුවන්ගේත් මහජනතාවගේත් අයිතිවාසිකම් ආරක්ෂාවනු ඇත. පසුගිය අපගේ පාලන කාලය තුළද අප විසින් අමාත්‍යමණ්ඩලයේ ගන්නා ඇතැම් තීරණ මෙම කොමිෂන් සභාව විසින් ජනතාවට අහිතකර බැවින් ඉවත් කළ අවස්ථාවල රුපියල් බිලියන ගණනක මුදල් ඉතිරි කර ගැනීමට මෙම කොමිෂන් සභාවට හැකි විය.
මේ පනතේ අරමුණ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහජන පරමාධිපත්‍ය තුළ පිහිටා ඇති බැවින් මහජන පරමාධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා මෙම පනතේ 16 වන පිටුවේ 17 වෙනි පරිච්ඡේදයේ (ඈ) යන්නේ සඳහන් වන්නේ යම් කර්මාන්ත පනතක් පිළිබඳ සියලු කාරණා සම්බන්ධයෙන් යෝග්‍ය යැයි කොමිෂන් සභාව සළකන පරිදි ආණ්ඩුවට උපදෙස් දිය යුතුය.
ඉහත වාක්‍ය අනුව පෙනී යන්නේ මෙම පනත සකස් කර ඇත්තේ කැබිනට් මණ්ඩලයෙන් උපදෙස් ලබා ගැනීමට නොව මෙම පනත සකස් කර ඇත්තේ කැබිනට් මණ්ඩලයට සහ රජයට උපදෙස් දීම සඳහාය. එය එසේ සිදු වන විට මේ කොමිෂන් සභාව හරහා මහජන පරාමාධිපත්‍ය සහ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු වනු ඇත. මහජනතාවට හිතකර අමාත්‍යමණ්ඩල වලට අහිතකර, පාර්ලිමේන්තුවට හිතකර එවන් පනතක් ආරක්ෂා කිරීම සියළු මහජන නියෝජිතයන්ගේ වගකීමක් ලෙස මම දකිමි.