Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්ෂණික කොවිඩ් පරීක්ෂණවලින් ආසාදන 50 %ක්ම හඳුනාගත නොහැකිවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ක්ෂණික කොවිඩ් පරීක්ෂණවලින් කොවිඩ්-19 ආසාදන 50 %ක්ම හඳුනාගත නොහැකි බව දි ඉන්ඩිපෙන්ඩන්ට් යූ.කේ. පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

දි ඉන්ඩිපෙන්ඩන්ට් යූ.කේ. පුවත් වෙබ් අඩවිය එලෙස වාර්තා කර ඇත්තේ, කෝවිඩ් 19 ආංශික ප්‍රවාහ පරීක්ෂණ හෙවත් කොවිඩ් 19 ක්ෂණික පරීක්ෂණවලට අදාළ එරට රජයේ විශ්ලේෂණ උපුටා දක්වමින් ය.

බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව උපුටා දක්වන එරට රජයේ ප්‍රතිපත්ති පත්‍රයට අනුව ලිවර්පූල්හි ප්‍රජා පරීක්ෂණ නියමු ව්‍යාපෘති සඳහා භාවිත කරන ආංශික ප්‍රවාහ උපාංගවලින් හඳුනාගෙන ඇත්තේ, PCR පරීක්ෂණවලින් අනාවරණය කරගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් අඩක් පමණි.

Scroll to Top