කෝවිඩ් 19 කොරෝනා වයිරසයට ගොදුරුවී සිටින බණ්ඩාරගම අටලුගම මුස්ලිම් ගම්මානයේ ජනතාවගේ පී සී ආර් පරීක්ෂණ පවත්වන මහජන සෞඛ්‍ය නිලධාරීන්ට තර්ජන ගර්ජන සමහර ආසාධිතයන් එල්ල කිරීම නිසා එම රාජකාරි කටයුතු ඉදිරියටත් ගෙනයෑම ඉතා අපහසුවී තිබෙන බවත් මේ නිසා එම පරීක්ෂණ පැවැත්වීමෙන් වැළකී සිටීමට සිදුවී ඇති බවත් බණ්ඩාරගම ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනී නිමේෂා ජයවීර මහත්මිය සඳහන් කරයි.
02-12-2020 දින පී සීආර් පරීක්ෂණ තවදුරටත් අටලුගමදී ආරම්භ කළ මහජන සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනකුට එක් කොරෝනා ආසාධිතයකු විසින් කෙල ප්‍රහාරයක් එල්ල කරමින් උඹලාටත්කොරෝනා හදනවා යැයි පවසමින් මහජන සෞඛ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීමක් ගැන බණ්ඩාරගම පොලිසියටද පැමිණිලිකළ බවත් ඇය කියා සිටියාය.