මෙරටින් කොවිඩ් – 19 වසංගතය තුරන් වේවා යැයි අධිෂ්ඨාන කරමින් ජනපතිගේ පළමු පදවිප්‍රාප්තිය හා අගමැතිගේ ජන්ම දිනය සිහිකරමින් ලොව ප්‍රථම චෛත්‍ය නිර්මාණය ලෙස සැලකෙන බුදුරදුන්ගේ ජීවමාන කේශ ධාතු නිදන්ගත ගිරිහඬු සෑරදුන් අබියස සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පසුගියදා පැවැත්විය.
නැඟෙනහිර ආණ්ඩුකාරිනී අනුරාධා යහම්පත් මහත්මියගේ ආරාධනයෙන් ගිරිහඬු සෑ විහාරාධිපති ශාස්ත්‍රපති දෙවිනුවර චන්දිම, අමරපුර නිකායේ නැඟෙනහිර සංඝනායක ප්‍රධාන කොටගත් මහා සංඝරත්නය මේ පිරිත් සජ්ඣායනයාව සිදු කළහ.
නැඟෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක යන මහත්වරු ද මේ පින්කම සඳහා එක්ව සිටියහ.