තම දරුවාද සමග ක්ලේමෝ බෝම්බයක් ප්රවාහනය කරමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක හා ඇයගේ සැමියා පරන්තන්හිදී ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇත.
යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක යමින් සිටියදී ඔවුන් අල්ලාගෙන තිබේ. එම යුවළ මෙම බෝම්බය බුමුතුරුණු සහිත බෑගයක සඟවා තිබී ඇත. බුද්ධි අංශ දුන් ඔත්තුවකට අනුව පොලිස් – හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම වැටලීම කර ඇත.
මෙම කොටි ජාලය ස්විට්සර්ලන්තයේ සිට ක්රියාත්මක බව හෙළිවී ඇත. මෙම කොටි ජාලය උතුර හා නැගෙනහිර ඉලක්ක දෙකකට ක්ල්මෝ ප්රහාර එල්ල කිරීමට බෝම්බ රැගෙන යාමට සූදානම්කර ඇතැයි හෙළිවී ඇත.
සිව්වැනි ඊළාම් යුද්ධය අවසන් වූ පසු මෙරට ත්රස්ත ප්රහාරයක් එල්ල කිරීමට විදෙස්ගත එල්.ටී.ටී.ඊ. ජාලය උත්සාහ කළ පහළොස් වැනි අවස්ථාව මෙය බව බුද්ධි අංශ සඳහන් කරයි.