Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අපරාජිත කොළඹට දඹුල්ලෙන් ප‍්‍රහාරයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එල්. පී. එල්. තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි කොළඹ කිංග්ස් කණ්ඩායම පාරාජයට පත් කරමින් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකිංග් කණ්ඩායම ඊයේ (01 වැනිදා) සමත් විය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ දඹුල්ල කී‍්‍රඩකයෝ පන්දුවාර 20දී කඩුලූ 9ක් දැවී ලකුණු 175ක අභියෝගයක් කොළඹ කණ්ඩායම හමුවේ තැබීය. දඹුල්ල ඉනිමේ ආරම්භක කඩුලූ 2කම මුලූ ලකුණු 3ක් තුළදි නැවත කී‍්‍රඩාගාරයට හරවා යැවීමට ඇන්ජලෝ මැතිව්ස් සහ ඉසුරු උදාන සමත් විය.

අනතුරුව තෙවැනි කඩුල්ල ලෙස පිටියට එක් වූ උපුල් තරංග සහ සමිත් පටේල් එක්ව ලකුණු 71ක සාර්ථක සම්බන්ධතාවක් පවත්වමින් දඹුල්ල ඉනිම ඔසවා තබන්නට සමත් විය.

එල්. පී. එල්. තරගාවලියේ සිය දෙවන අර්ධ ශතකය වාර්තා කළ දසුන් ශානක ඊයේ පන්දු 34කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 56ක් රැස් කළේය.

දුෂ්මන්ත චමීර දඹුල්ල ඉනිමේ කඩුලූ 2ක් බිඳ දමද්දී ඇන්ඩි‍්‍ර රසල් සහ ඉසුරු උදාන කඩුලූ 3 බැගින් බිඳ හෙළීය.

ලකුණු 176ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කොළඹ කිංග්ස් ඉනිමේ පළමු කඩුලූ 5 මුලූ ලකුණු 63කදී බිඳ දැමීමට දඹුල්ල වයිකිං පන්දු යවන්නෝ සමත් වූහ.

කොළඹ ඉනිමේ වැඩිම බලාපොරොත්තුව බවට පත්ව තිබූ දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් සහ ඇන්ඩි‍්‍ර රසල්ට ලකුණු අතරට පිවිසීම ඉඩ ලබා නොදුන් දඹුල්ල පන්දු යවන්නෝ කොළඹ ඉනිමේ 10 වැනි පන්දුවරය වන විටදී තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වූහ.

කොළඹ කිංග්ස් පන්දුවාර 18.4කදී සියලූ දෙනා දැවී ලකුණු 147යි.

Scroll to Top