හම්බන්තොට සූරියවැව ක්රීඩාංගනයේ පැවති ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ හයවන තරගයෙන් ලකුණු 25ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ඔවුන් මෙම තරඟාවලියේ ලබාගත් පළමු ජයග්රහණය ලෙසින්.
මෙම තරගයේදී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරගයේ කාසිය වාසිය දිනාගත් අතර නායක ශහීඩ් අෆ්රිඩි පළමුව පන්දුවට පහර දීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා.
ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20අවසානයේ කඩුලු පහක් පමණක් දැවී ලකුණු 196ක් රැස්කර ගැනීමට සමත් වුනා.
පිළිතුරු ඉනිම ඇරඹූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 53ක් තුලදී ලකුණු 82ක් වාර්තා කල අතර එයට හතරේ පහර 13ක් සහ හයේ පහර එකක් ඇතුලත්. අනෙක් කිසිදු ක්රීඩකයෙකුට ලකුණු 20සීමාව පසු කිරීමට හැකියාවක් ලැබුනේ නැහැ.