Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මහර බන්ධනාගාරයේ කැරැල්ලක් – මියගිය ගණන 8ට නගී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 8 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබේ.

මීට අමතරව සිද්ධියෙන් තුවාල ලැබූ 43 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේය.

මහර බන්ධනාගාරයේ සිටින රිමාන්ඩ් සිරකරුවන් විසින් පළමුව බන්ධනාගාරය තුල නොසන්සුන්තාවයක් ඇති කොට තිබෙන අතර පසුව එය කැරැල්ලක් දක්වා වර්ධනය වී තිබෙනවා.

බන්ධනාගාරය තුල සිටි රැඳවියන් එහි සිටි නිලධාරීන් සිය ග්‍රහණයට නතු කර ගැනීමට තැත් කිරීමක් සහ තවත් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ දරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට සිය අවම බලය යොදා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

බන්ධනාගාරය තුල සිටින රැඳවියන් විසින් ලේඛණාගාරය සහ මුළුතැන්ගෙය ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ගිනි තබා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

බන්ධනාගාරයේ ඇතිවූ තත්ත්වය යම් තාක් දුරට පාලනය කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළේ.

Scroll to Top