Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව හෙට උදෑසන ඉවත් කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේවන විට හුදෙකලා කොට ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය සහ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව සහ රාගම යන ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවා හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස හුදෙකලා භාවයේ පවතින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් රන්සඳ සෙවණ නිවාස සංකීර්ණය, සාලමුල්ල සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම හෙට පෙරවරු 5.00 සිට හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.

කෙසේ වුවත් ලබන බදාදා දිනයේදී දැනට හුදෙකලා කර ඇති සෙසු ප්‍රදේශවල තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදුකොට එම ප්‍රදේශ හුදෙකලා භාවයෙන් මුදා හරිනවාද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවද මෙහිදී හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක ප්‍රදේශ,

  • මෝදර පොලිස් වසම
  • බ්ලුමැන්ඩල් පොලිස් වසම
  • කොටහේන පොලිස් වසම
  • ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
  • ආදුරුප්පු වීදිය පොලිස් වසම
  • වේල්ලවීදිය පොලිස් වසම
  • කෙසෙල්වත්ත පොලිස් වසම
  • මාළිගාවත්ත පොලිස් වසම
  • දෙමඩගොඩ පොලිස් වසම
  • මරදාන පොලිස් වසම
  • කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
  • බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම

 

ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා බව තවදුරටත් පවතින ප්‍රදේශ,

  • පෑලියගොඩ
  • කැලණිය
  • වත්තල

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“මට්ටක්කුලියේ රන්දිය උයන නිවාස සංකීරණය, ෆර්ගියුසන් පාරෙන් දකුණු ප්‍රදේශය තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කරනවා මට්ටක්කුලිය විවෘත කරත්.

ඒත් එක්කම මේ වන විට හුදකලා නොකර තිබෙන වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ නිවාස සංකීරණයත් සාලමුල් ග්‍රාම නිලධාරී වසම, විජයපුර ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කිරීමට ලක්කරනවා.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට තිබෙන සෙසු ප්‍රදේශ තවදුරටත් හුදකලාවට ලක්කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය ගත්තහම මේ වන විටත් හුදකලා ප්‍රදේශවන මීගමුව හා රාගම පොලිස් ප්‍රදේශ හුදකලාභාවයෙන් ඉවත් කරනු ලබනවා. ඒ අනුව තවදුරටත් වත්තල, පෑලියගොඩ, කැලණිය පමණක් ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කිරීමටත් කටයුතු කරනවා.

ලංකාවේ ඊට අමතරව අක්කරපත්තුව, අටලුගම හා අකුරණ හුදකලා කර තිබෙනවා. එම ප්‍රදේශ තවදුරටත් හුදකලාව පවත්වාගෙන යනු ලබනවා.

ඊට අමතරව දැනට හුදකලා කර ඇති ප්‍රදේශ බදාදා වන විට විශ්ලේෂණය කර ඉවත් කිරීමේ හැකියාවක් පවතිනවා.“

Scroll to Top