Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කිරීම් කඩිනම් කිරීමට පියවර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වන විට අබලන් තත්වයට පත්වීමට විසදුම් වශයෙන් ඉදි කිරීමට නියමිත ‘’අධිකරණ පියස’’ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කිරීම් කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පසුගියදා පැවති සාකච්ඡාවකදි අධිකරණ අමාත්‍යාංශ නිලධාරින්ට හා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

‘’අධිකරණ පියස’’ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම සදහා අක්කර 06 ක ඉඩමක් වෙන් කර ඇති අතර ඒ තුළ මහල් 12 කින් සමන්විත අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැගිල්ලක්, අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු සදහා මහල් 08 කින් යුත් ගොඩනැගිල්ලක්, විනිසුරුවරුන්ගේ පුහුණු කටයුතු වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානය සදහා ගොඩනැගිල්ලක් හා නව නීති මධ්‍යස්ථානයක් සදහා ගොඩනැගිල්ලක් ඉදි කිරිමට නියමිතව ඇත.

Scroll to Top