මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 188 දෙනෙකු අද (24) අලුයම දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 50 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 138 දෙනෙකු ගුවන් යානා දෙකකින් අද අලුයම දිවයිනට පැමිණ තිබුණි.
ඔවුන් සියලුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු බව ‘අද දෙරණ’ ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.