Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තවත් කොරෝනා මරණ 9 ක් සමග මෙරට ආසාදිතයින් 20,000ට ආසන්න වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තවත් කොරෝනා මරණ 9 ක් වාර්තා වි තිබේ.

මෙරට කොරෝනා වැළදීමෙන් මියගිය සංඛ්‍යාව 83කි.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 20,000 සීමාවට ආසන්න වී තිබේ.

ඊයේ (21) වාර්තා වූ නව ආසාධිතයින් 491 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 19,771 දක්වා ඉහළ ගියේය.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 487 දෙනෙකු මීට පෙර හඳුනාගත් මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සෙසු ආසාදිතයින් සිව්දෙනා අතර ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු සහ තුර්කියේ සිට පැමිණි පුද්ගලයෙකු සිටින බව සඳහන් වේ.

මේ අතර ඊයේ දිනයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් 292ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 87ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් ලෙස වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Scroll to Top