මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් පෙර වර්ෂවල සේම අරණායක උස්සාපිටිය ශී‍්‍ර සුමංගල මහා විද්‍යාලයෙන් කඩඉම් ලකුණූ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 38 දෙනෙකු බිහිකිරීමට හැකිව ඇති බව වාර්තා වේ.
2015 වර්ෂයේ ලංකාවෙන්ම පළමු ස්ථානය ශිෂ්‍යත්ව විභාගයෙන් බිහිකිරීමට හැකි වූ උස්සාපිටිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයෙන් මෙවරද ලකුණු 193 ක් ලබා ගැනීමට අළුපත උස්සාපිටිය ප්‍රදේශයේ පදංචි සහන්ත ආක්ෂ්මික විමලසිරි දරුවා සමත් වී ඇති අතර ලකුණු 192ක් ලබාගැනීමට අලූත්නුවර පදිංචි බුත්මි පියංකා දැරිය සමත් වී ඇත තවද ලකුණු 191 ලබා ගැනීමට අරණායක තෙල්එක ප්‍රදේශයේ පදිංචි සිතුම් චාමික නන්දසිරි සිසුවා සමත් වී ඇති බවත් මෙවර පාසලේ වැඩිම ලකුණු ලබාගත් දරුවන් ලෙස ඔවුන් නම් කර ඇති බව වාර්තා වේ.
ඒ අතර ලකුණු 180ත් 189ත් අතර ලකුණු ලබාගත් දරුවන් 5 දෙනෙකුද 170ත් 179ත් අතර ලකුණු ලබාගත් දරුවන් දරුවන් 24 දෙනෙකුද 169 ලබාගත් එක් දරුවෙකුද බිහිකිරීමට හැකි වී ඇති බව ශ්‍රී සුමංගල මහා විදුහලේ විදුහල්පතිතුමා ප්‍රකාශ කරන ලදි.
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ අරණායක කොට්ඨාසයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වැඩිකර දීම සම්බන්ධයෙන් සිසු දරුවන්ගේ දෙමාපියන් විසින් පාසලේ විදුහල්පතිතුමා ඇතුලූ මේ සම්බන්ධයෙන් කැපවී වැඩකටයුතු කල ගුරු භවතුන්ට ප්‍රසංසා කිරීමටද කටයුතු කරන ලදි.