ප්‍රතිඵල නිකුත් වී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන 200 ලබාගත් සිසුන් 10 දෙනෙකු දිවයිනෙන් වාර්තා වනවා.
ඒ අනුව ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සිසුවිය, ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි සිසුවිය, රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා සිසුවිය, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් සිසුවා ලකුණු 200 ලබාගත් සිසුන්ට අයත්.
එසේම, තවත් සිසුන් 06 දෙනෙකුද ලකුණු 200 ලබාගත් සිසුන් අතර වනවා.
මේ අතර ප්‍රතිඵල සකස් කිරීමේදී දිවයිනේ හෝ දිස්ත්‍රික්ක වශයෙන් සිසුන්ගේ මට්ටම ප්‍රකාශයට පත් නොකිරීම විශේෂත්වයක්.
ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව, දිස්ත්‍රික්කය සහ මාධ්‍ය අනුව අදාළ කඩඉම් ලකුණු සමඟයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් වූ අතර, පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා කඩඉම් ලකුණුද විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබුවා.
පසුගිය ඔක්තෝම්බර් 11 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කිහිප වතාවක් කල් දැමීමෙන් අනතුරුවයි.
ඒ සඳහා සිසුන් තුන් ලක්ෂ 31,741 ක් ඉල්ලුම් කර තිබූ අතර, සිසුන් තුන් ලක්ෂ 26,264 ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඊයේ නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 20,000 කට ශිෂ්‍යාධාර හිමි වනවා.
ඒ අතරින් ශිෂ්‍යාධාර 250 ක් වෙන් කෙරෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහායී.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු මෙසේය.
සිංහල මාධ්‍ය සඳහා
කොළඹ _169
ගම්පහ _169
කළුතර _169
මහනුවර _169
මාතලේ _169
ගාල්ල _169
මාතර _169
කුරුණෑගල _169
කෑගල්ල 169
අනෙක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු මෙසේය.
රත්නපුර – 165
හම්බන්තොට – 164
පුත්තලම – 163
අනුරාධපුරය – 163
පොළොන්නරුව – 163
බදුල්ල – 163
මොනරාගල – 162
අම්පාර – 162
නුවරඑළිය – 161
ත්‍රිකුණාමලය – 161
වව්නියාව – 157
මුලතිව් – 157
එහි ප්‍රතිඵල
http://www.results.exams.gov.lk//home.htm
මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පවසයි.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අදාළ පාසල්වලට බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, සියලු පාසල්වල ප්‍රතිඵල ලේඛණ ඉදිරියේදී තැපැල් කර එවීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.