Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අද සිට හුදෙකලා කරන ප්‍රදේශ සියල්ල මෙන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන පොලිස් වසම් අද(16) අලුයම 5.00 සිට හුදෙකලා(Lockdown) ප්‍රදේශ වශයෙන් නම් කර ති‌බෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ මේ වනවිට හුදෙකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් 12 තවදුරටත් එලෙසම පවතිනු ඇති.

එම ප්‍රදේශ 12 මෙසේය.

01.මට්ටක්කුලිය

02.මෝදර

03.බ්ලූමැන්ඩල්

04.කොටහේන

05.ග්‍රෑන්ඩ්පාස්

06.වෙරළබඩ පොලිස්වසම

07.ආදුරුප්පු වීදිය

08.මාලිගාවත්ත

09.දෙමටගොඩ

10.වැල්ලම්පිටිය

11.කෙසෙල්වත්ත

12.බොරැල්ල

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් වසම ද අද අලුයම 5.00 සිට හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කරන බවයි.

එම දිස්ත්‍රික්කයේ මීගමුව , ජා-ඇල, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ, පොලිස් වසම් තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතිනු ඇති.

එම පොලිස් වසම්වලට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබු සෙසු පොලිස් වසම් ඊයේ(15) අලුයම 5.00 සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩි දුරටත් සඳහන් කළේ “කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඒ වගේම පුද්ගලික බස් නැවතුම්පොළ ක්‍රියාත්මක වෙනවා.

කෙසේවෙතත් කොළඹ නගරයට පැමිණෙන සහ කොළඹ නගරයෙන් පිටත්වයන පොදු ප්‍රවාහන සේවා, පෞද්ගලික ප්‍රවාහන සේවා හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල කිසිම ආකාරයකට නවත්වන්න බෑ. මගීන් ලබාගැනීමට හෝ මගීන් බැස්සවීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.

පිට ප්‍රදේශයක සිට පිටකොටුවට පැමිණි යම් තැනැත්තෙකුට එතන සිට වෙනත් ගමනාන්තයක් දක්වා ගමන් කිරීමට කිසිම බාධාවක් නෑ. නමුත් හුදකලා කරනලද ප්‍රදේශවලට ගමන් කරන්න සම්පූර්ණයෙන් තහනම්.

මරදාන, වේල්ල වීදිය, කෙසෙල්වත්ත, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය පොලිස් බලප්‍රදේශ ආශ්‍රිතව ජනතාවගේ එදිනෙදා කටයුතුවලට අවශ්‍ය සෞඛ්‍යට අදාළ ආයතන, ජලය, විදුලිය, සන්නිවේදනය, බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආයතන මාධ්‍යට අදාළ ආයතන පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබෙනවා.” යනුවෙනි.

Scroll to Top