Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොළඹ ප්‍රධාන නගර 5ක් හෙට සිට හුදෙකලා වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර පහක් ලබන සඳුදා (16) අලුයම 5.00 සිට හුදෙකලා කරන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ල වීදිය මෙලෙස හුදෙකලා කෙරෙන නගර වේ.

මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වල ඒ ආකාරයෙන් එය ක්‍රියාත්මක වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන පොලිස් බලප්‍රදේශ දැනට පවතින හුදෙකලා තත්ත්වය දිගටම ක්‍රියාත්මක බව යුදහමුදාපතිවරයා පවසයි.

ඒ හැරෙන්නට මේ වන විට හුදෙකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරෙනු ඇත.

Scroll to Top