පෑලියගොඩ මාලු වෙළඳ පොලේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ සංචරණයට ලක්වු ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී පුද්ගලයින් 6 දෙනෙකුට කොරෝනා ආසාධිත වී ඇති බවට තහවුරුවීම නිසා එම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 4ක් අද (14) සිට හුදකලා කිරීමට තිරණය කල බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.එච්.එන්. සුදසිංහ මහතා පවසයි.
ඌරගස්මන්හන්දිය උතුර, ඌරගස්මන්හන්දිය දකුණ, යටගල සහ වල්ඉඟුරුකැටිය යන ග්‍රාම සේවා වසම් මෙසේ හුදකලා කර තිබේ.