නව කොරෝනා ආසාදිතයින් 369 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි පැවසෙන්නේ.
ඒ අනුව , මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15, 723ක්.
ආසාදිතයින් 470 දෙනෙකු ඊයේ සුවය ලැබූ අතර ඒ අනුව කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 10,653 ක් දක්වා ඉහළ යනු ඇති.
මේ වන විට ආසාදිතයින් 5022 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර,කොළඹ නගරයෙන් ආසාධිතයින් 295 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනුණා.
කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවේ ඊයේ PCR පරීක්ෂණ 1500 ක් සිදු කළ බවයි.
අද දිනයේ පරීක්ෂණ 1000 ක්, ජින්තුපිටිය, මාලිගාවත්ත, වැල්ලවත්ත, බොරැල්ල හා කොටහේන යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරිමට අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළා.
වෛද්‍යවරිය වැඩිදුරටත් පැවුසවේ, මේ වන විට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් , එලෙස PCR පරීක්ෂණයට ලක් කරන බවයි
මේ අතර මුලතිව් විශ්වමඩු ඉලංකෝපුරම් ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායක තිබී මළ සිරුරක් හමු වූ බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසනවා.
අදාල මළ සිරුර කුඹුරට ගිය තවත් ගොවියෙකු දැක ඒ බව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් අදාල ස්ථානයට ගොස් මළ සිරුර පරික්ෂා කරන ඇත.
එලෙසින් හමුවූ මළසිරුර මිය ගොස් ඇත්තේ ඉලංකෝපුරම් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි තිදරු පියෙකු වූ මාරිමුත්තු සුධාකරන් නැමති ගොවියෙකු බවට හඳුනාගෙන තිබේ.
පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසුවේ, මිය ගොස් ඇති පුද්ගලයා ඊට පෙර දින රාත්‍රියේ කුඹුරට ගොස් අති අතර මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන බවයි.
මේ අතර මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ඇද වැටී අද ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරු 2.00 ට පමණ අදාළ පුද්ගලයා ඇද වැටී මිය ගොස් ඇති අතර ඔහු පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය කරගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 63 හැවරිදි පුද්ගලයෙක්.
මේ අනුව අදාළ පුද්ගලයාගේ දේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.