කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් මෙතෙක් ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වූ නිරෝධායන ඇදිරි නීතිය අද (09) පෙ.ව 5.00 සිට ඉවත් කිරීමට පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කෙරුණ ද සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
තවද නිරෝධායන නීතිය ක්‍රියාත්මක වන බැවින් එම නීති කඩ නොකර කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කෙරුණ ද ප්‍රදේශ කීයයක් ම තවදුරටත් හුදකලා තත්ත්වයේ ම පවතී.
තවදුරටත් ක්‍රියාත්මක හුදකලා ප්‍රදේශ -කොළඹ දිස්ත්‍රික්කය- පොලිස් බලප්‍රදේශ- මට්ටක්කුලිය,මෝදර,
බ්ලුමැන්ඩල්,කොටහේන,ග්‍රෑන්ඩ්පාස්,මාළිගාවත්ත,දෙමටගොඩ,වැල්ලම්පිටිය,කෙසෙල්වත්ත,බොරැල්ල,වෙරළබඩ පොලීසිය, ආදුරුප්පු වීදිය,
ගම්පහ දිස්ත්‍රික්කය- පොලිස් බල ප්‍රදේශ- වත්තල,පෑලියගොඩ,කඩවත,රාගම,මීගමුව,පමුණුව,ජා-ඇල,සපුගස්කන්ද
කළුතර දිස්ත්‍රික්කය- පොලිස් බල ප්‍රදේශ- හොරණ,ඉංගිරිය,වෑකඩ බටහිර ග්‍රාම නිලධරී වසම:
කුරුණෑගල/කෑගල්ල දිස්ත්‍රික්කය-පොලිස් බල ප්‍රදේශ-කුරුණෑගල නගර සීමාව, කුලියාපිටිය/මාවනැල්ල,රුවන්වැල්ල
කෙසේ වෙතත් කොවිඩ් -19 ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන තවදුරටත් නිවාස යෝජනා ක්‍රම කීපයක සංචරණය සීමා කර තිබේ.
ඒ අනුව,මෙත්සඳ සෙවණ,මිහිජය සෙවණ,මෝදර රන්මිණ සෙවණ,සිරිසඳ උයන දෙමටගොඩ,මාළිගාවත්ත එන්.එච්.එස්.නිවාස යන නිවාස යෝජනා ක්‍රමවල ජීවත්වන ජනතාව සිය සංචරණ සීමා කරන ලෙස ද දන්වා තිබේ.