Aboutceylon Online

හුදෙකලා කෙරෙන ප්‍රදේශවල සීමා රැසක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද සිට හුදෙකලා කෙරෙන ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍යමය හේතුවක් හැරෙන්නට කුමන හේතුවක් මත හෝ එම ප්‍රදේශවලින් ඇතුළුවීමට හෝ පිටවීමට අවසර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

කෙසේ වෙතත්, ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලබාගත් බලපත්‍රයක් මත හුදකලා කෙරෙන ප්‍රදේශවල ඩිලිවරි සේවා ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවන බවයි ඒ මහතා කියා සිටියේ.

හුදකලා කෙරෙන ප්‍රදේශ හරහා වෙනත් ප්‍රදේශවලට රථවාහන ධාවනය කිරීමේදී කිසිම ආකාරයෙන් එම ප්‍රදේශවල එම රථවාහන නැවැත්විය නොහැකි බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

Scroll to Top