Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රිජ්වේ රෝහලේ කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්  කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

කුඩා ළමුන් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු ඒ අතර වන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

එමෙන්ම රෝහලේ වෛද්‍යවරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට ද ඊයේ (05) දිනයේ හඳුනාගෙන තිබේ.

ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමට අනියත බියක් ඇති කරගත යුතු නොවන අතර ප්‍රතිකාර සේවා කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදුවන බව ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

Scroll to Top