ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බවත්ය.
එම රෝගීයා මියයාමට ආසන්නම හේතුව වශයෙන් කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් ලෙස දැක්වේ.