Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මෝසම් වර්ෂාව නොලැබීමේන් ජනතාවට සහ සත්වයින්ට ගැටලු රැසක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අනුරාධපුර දිස්ත්‍රිකයේ ප්‍රදේශ කිහිපයකට නිසි පරිදි වර්ෂාව නොමැති වීමත් සමග පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්මාන කිහිපයකට ජලය නොමැතිව ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව ගම්වැසියෝ පවසති.

මැදවච්චිය නගරයේ දාඹුවැව, කෝණ කුඹුගොල්ලෑව, මහදිව්ලිවැව, ඇතෑකඩ, තුලාවේලිය, පාඩික්ගම යන ගම්මානද  රෑඹෑව නගරයේ කෑදෑව, කල්ලංචිය, කපිරික්ගම,  පීනගම ගම්මාන සහ කහටගස්දිගිලිය නගරයේ කිරි ඉබ්බෑව, මීගහදිගිලිය, කෝන්වැව, යන ගම්මාන වල ජනතාව සහ සත්වයින් මෙම ජල ගැටලුව නිසා පීඩා විදී.

වාර්ෂිකව ලැබිය යුතු මෝසම් වර්ෂාව නොලැබීමේන් මෙම ගම්මාන වල පිහිටි කුඩා , මධ්‍ය ප්‍රමාණයේ වැව් සහ අඩි 40 ට ආසන්න පානීය ජල ළිං සිදී යාමෙන් දෛනික අවශ්‍ය තාවයන් සඳහා පරිහරණයට යොදාගත් ජලය සහ පානීය ජල ගැටලුවට මුහුණු දීමට ජනතාවට සහ සත්වයින් හට සිදුව ඇත.

මෙම තත්ත්වය හමුවේ මහ කන්නය වෙනුවෙන් සූදානම් කල හේන් ගොවිතැනද, අහස් වැසි බලා පොරොත්තුවෙන් විවිධ ගෙවතු වල සිටුවන ලද  ගොඩ බෝග වගාවන්ද බහුතර ගොවි ජනතාවක් මේ වන විට අත හැර ඇත.

අහස් වැස්සෙන් වගා කිරීම සඳහා  ගොවීන්  භූමි සකස් කර ඇති අතර නිසි ක්‍රමවේදයට වර්ෂාව නොමැති වීම හේතුවෙන් බීජ සිටුවීමට ගොවීන් බිය වී ඇත. ජලය නොමැති කමින් මෙම ගම්මාන වල පමනක් අක්කර 1000 ට ආසන්න භූමි ප්‍රමාණයක වගාවන් නවතා දමා ඇත.

වැවි ආශ්‍රිත ජලය නොමැති කමින් ගවයින් , මුවන්, ඌරන්, කුරුල්ලන්, මත්‍ස්‍යයින් මෙන්ම අනිකුත් සතුන් පීඩා විදින අතර ළිං සිදී යාම හේතුවෙන් මෙම ගම්මාන වල ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

මෙම ප්‍රදේශ සදහා ජලය රදවා තබා ගත හැකි වන අයුරින් කුඩා , මධ්‍ය ප්‍රමාණයේ වැව් සංවර්ධනය කර භූගත ජල මට්ටම පවත්වා ගත හැකි නව ක්‍රමවේදයක් කඩිනමින් සකස් කර දෙන ලෙස බලධාරින්ගෙන් ගොවිජනතාව ඉල්ලා සිටිති.

Scroll to Top