Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සනත් ජයසූරිය නැවතත් පිටියට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සනත් ජයසූරියට පනවා තිබූ සම්බාධක කාලය ඉකුත් වීම හේතුවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ක්‍රියා කළ හැකි බව ICC ය දන්වා ඇති බවට වාර්තා වේ.

ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද ඒ බව තහවුරු කළේ ය.

සනත් ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, තමන්ට පනවා තිබූ සම්බාධක කාලය ඉකුත් වූ බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ එහි දූෂණ මර්දන ඒකකය දැනුම් දුන් බවයි.

තමන්ට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට අවස්ථාව හිමිවීම පිළිබඳව සතුටට පත්වන බව ද ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඔහු අවධාරණය කරන්නේ, තමන් සැම විටම ක්‍රිකට් ක්‍රීඩාවේදී තම අවංකභාවය පවත්වා ගනිමින් කටයුතු කළ බවයි.

සැම විටම රට වෙනුවෙන් කැප වූ බවත්, ඒ පිළිබඳව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලන්ම මැනවින් දන්නා බවත් ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

අසීරු අවස්ථාවේදී තමන්ට ශක්තියක් වූ‍ ක්‍රීඩාලෝලීන්ට සහ සියලු ලක් වැසියන්ට ස්තූතිවන්ත වන බවයි.

මේ අවස්ථාවේදී සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට, එහි දූෂණ මර්දන ඒකකයට, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන් යන මහත්වරුන්ට ඔහු සිය ස්තූතිය පළ කරයි.

Scroll to Top