Aboutceylon Online

කොවිඩ් 19 අසාදිතයකු ලංගම බසයක ගමන් ගනී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගියෙකු කොළඹ කොටුව සිට හැටන් දක්වා ධාවනය වු කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් හදුනාගත් බවත් , එම  බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා ස්වයං නිරෝධානයට යොමු කරන ලෙස එම ඩිපෝවේ කලමණාකාරවරයාට දැනුම් දුන් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ සේවය කල හැටන් ප්‍රදේශයේ පදිංචි සේවකයෙකු ඉකුත් මස (18) දින කඩවත ඩිපෝවට අයත් WP NB 8800 අංක සහිත බස් රථයෙන් කොළඹ කොටුව සිට එදින පෙ.ව 11.40ට ගමන් ආරම්භ කර ඇත.

එදින එම බස් රථයේ පැමිණි මගින් වෙතොත් එම මගින් ස්වයං නිරෝධානයට යොමු වි එ පිලිබදව ලගම තිබෙන පොලිස් ස්ථානයට සහ මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යයාල වෙත දැනුම් දෙන ලෙස හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොවිඩ් 19 අසාදනය වු එම රෝගියා මේ වන විට අම්පාර නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

Scroll to Top