Aboutceylon Online

කොරෝනා නිවාඩුවෙන් ආතල් ගන්න ගිය තවත් 15ක් මාට්ටු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වෛසරය පැතිර යාම වැලැක්විම සදහා බස්නාහිර පලාත තුල ඇදිරි නිතිය පැනවිමෙන් පසු නිරෝධාන නිති උල්ලංඝනය කරමින් නුවරඑලියේ සංචාර සදහා පැමිණ සිටි 15 දෙනෙකු පමණ ඔහුන් රැදි සිටි සංචාරක හෝටල් වලම ස්වයං නිරෝධානයට යොමු කල බව නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධිය උඩුගමසුරිය මහතා පැවසිය.

ගල්කිස්ස , දෙහිවල , කඩුවෙල සිට පැමිණි පිරිසකුයි මෙසේ ස්වයං නිරෝධානයට යොමු කර ඇත්තේ.

සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද උල්ලංඝනය කරමින් විකල්ප මාර්ග ඔස්සේ නුවරඑලිය නගරයට සංචාරය සදහා ඉතා සුක්ෂම ලෙස නුවරඑලියට පැමිණි විශාල පිරිසක් ආපසු හරවා යැවිමට නුවරඑලිය නගරය ආසන්නයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි ආරක්ෂක නිලධාරින් කටයුතු කර තිබුණි.

කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ අවධානමත් සමග නුවරඑලිය නගරයේ පිහිටි සංචාරක නිකේතනවලට සංචාරකයන් ඇතුල් කර නොගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සංචාරක නිකේතන හිමියන්ට උපදෙස් ලබා දි තිබුණි.

කොළඹ ප්‍රදේශයේ රැකියා වල නිරතව සිට තේ වතු ආශ්‍රිතව ඔහුන්ගේ නිවාස වලට පැමිණි පිරිස් සොය ද හැටන් සහ නුවරඑලිය පොලිසිය විශේෂ විමර්ෂණයක්ද ආරම්භ කර ඇත.

Scroll to Top