Aboutceylon Online

ගත වු පැය 24දී ආසාදිතයින් 633ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තවත් ආසාදිතයින් 319 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ නිරෝධායනයේ සිටි 83ක් සහ ආශ්‍රිතයින් 236ක් ඒ අතර වන බවයි.

මෙම ආසාදිතයින් 319 දෙනා සමඟ ගත වු පැය 24දී හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 633කි.

මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 6,946කි.

මේ දක්වා මෙරටින් හමුවී ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 10,424 ක් වන අතර ඉන් 6,123 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ වනවිට, 4,282ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

Scroll to Top