Aboutceylon Online

වප් පුර පසළොස්වක පෝය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බුදු සසුනේ සිදුවූ වැදගත් සිදුවීම් රැසක් සිහිකරන වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.වස් සමාදන් වූ භික්ෂූන් වස් පවාරණය කරන්නේ ද අද දිනයේ ය.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍යලෝකයේ සිට වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ, අද වැනි පුර පසළොස්වක පොහොය දිනකදී ය.

සැරියුත් හිමියන්ට ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍ර ස්ථානය පිරිනැමීම මෙන්ම, මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන්ගේ ශාසන‍යෙහි පැවිදිවීම ද වප් පොහෝ දින සිදුවිය.

ජය ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩම කරවා ගැනීම සඳහා දෙවනපෑතිස් රජු ධර්මාශෝක රජුට සංදේශයක් යවා ඇත්තේ ද අද වැනි දිනකදී ය.

ලක් බි‍මේ මුල්ම රහතන් වහන්සේ වූ අරිට්ඨ තෙරුන්, ථූපාරාම සීමා මාලක‍යේ දී විනය පිටකය සංගායනා කිරීම ද වප් පොහෝ දිනක සිදුව තිබේ.

ඇසළ පොහෝ දිනයේ පටන් තෙමසක් මුළුල්ලෙහි වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේද මේ පොහෝ දිනයේදී ය.

 

Scroll to Top