Aboutceylon Online

කළුතරින් කොරෝනා රෝගීන් 45 ක් හමුවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කළුතර දිස්ත්‍රික්කයේ (ඊයේ 19) දහවල් වන විට කොරෝනා රෝගීන් 45 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් පී.සී.ආර්. පරීක්ෂණ රැසක ප්‍රතිඵල ලැබෙමින් පවතින අතර ඒවා අනුව රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් කළුතර දිස්ත්‍රික් කොරෝනා රෝග පාලනය පිළිබඳ සම්බන්ධීකරණ රැස්වීමේ දී අනාවරණය විය.

මතුගමින් රෝගීන් 26 ක් හොරණින් 08 ක් පානදුරෙන් 03 ක් අගලවත්තෙන් 03 ක් බණ්ඩාරගමින් 01 ක් මිල්ලනියෙන් 01 ක් වලල්ලාවිටින් 01 ක් මදුරාවලින් 01 ක් හා ඉංගිරියෙන් 01 ක් වශයෙන් මෙම රෝගීන් වාර්තා වී ඇති බව කළුතර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ මහතා එහිදී පැවසීය.

මේ අතර රෝගීන් වැඩි වුවහොත් ඉංගිරිය රෝහලේ රෝගීන් 40 දෙනෙකුට ද පිඹුර රෝහලේ රෝගීන් 60 දෙනෙකුට ද ඉත්තෑපාන රෝහලේ රෝගීන් 40 දෙනෙකුට ද බණ්ඩාරගම රෝහලේ රෝගීන් 50 දෙනකුට හා මතුගම රෝහලේ රෝගීන් 40 දෙනෙකුට ද පහසුකම් සුදානම් කර ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා මෙහිදී පැවසීය.

Scroll to Top