අපේ අම්මලා තාත්තලා 1985 වසර වෙනකම් හිටියේ වව්නියාවේ. කොටි කලබල නිසා ඔවුන්ට ඒ ගම්වල ඉන්න බැරිව ගියා. ඉඩ කඩම් ගෙවල් දොරවල් දාලා මේ ගමට ඇවිත් ඔවුන් පදිංචි වුණා. අද පරම්පරා දෙක තුන වෙලා. නමුත් තවමත් ඉඩමට ඔප්පු ව නැහැ. බොන්න වතුර ටික නැහැ. මේවා ඇත්තටම ජනාධිපතිතුමාට කියන්න ඕන ප්‍රශ්ණ නෙවෙයි.නමුත් අනෙක් අයගෙන් කෙරෙන්නේ නැත්නම් එතුමාට පැමිණිලි කරන්න වෙනවා යැයි සෝලම ගමේ ගම්වාසීහු පැවසූහ.
අනුරාධපුර තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 434 ග්‍රාම නිළධාරී වසමේ, සෝලම ගමේ ජනතාව මේ වන විට උග්‍ර පානීය ජල හිගයකට මුහුණ පා ඇත. එමෙන්ම මෙම ගම්වාසින් පරම්පරා ගනනාවක් සෝලම ගමේ පදිංචිව සිටියත් බලධාරින්ගේ අක්රමිකතාවයන් හේතුවෙන් මේ වන තුරු ඔවුන් හට එහි භූමි වල හිමිකම් ඔප්පුවක්වත් ලැබී නොමැති බව වැඩි දුරටත් සෝලම ගමේ ජනතාව කියයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ අනුරාධපුර තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොටසේ 434 ග්‍රාම නිළධාරී වසමේ සෝලම ගමේ ජනතාව,
ඩී.නිරෝෂා දසනායක මහත්මිය.
මම මේ සෝලම ගම්මානයේ අවුරුදු 35 ක් ජීවත් වනවා. අපේ ඉඩම් වලට මේ පවුල් 35 යි ඉන්නේ ඒ එකම ඉඩමකටවත් ඔප්පු තියා බල පත්‍ර වත් නැහැ. බොන්න වතුර ටික නැහැ. අපට මේ ඉඩම් වලට ඔප්පු ටික දුන්නානම් අපි ණයක් හරි අරගෙන දියුණු වෙනවා.
අපේ තරුණ ශක්තිය දියුණු වෙන්න වැය කරන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය මූලික සුදුසුකම නැති නිසා ණය මුදලක් ගන්න බැහැ. අප ගම්මානයට ග්‍රාම සංවර්ධන සමිතියක් ලබා දෙනවානම් කොච්චර වැඩ කර ගන්න පුළුවන්ද?අපේ අම්මලා තාත්තලා 1985 වසර වෙනකම් හිටියේ වව්නියාවේ. කොටි කලබල නිසා ඔවුන්ට ඒ ගම්වල ඉන්න බැරිව ගියා.
ඉඩ කඩම් ගෙවල් දොරවල් දාලා මේ ගමට ඇවිත් ඔවුන් පදිංචි වුණා. අද පරම්පරා දෙක තුන වෙලා. නමුත් තවමත් ඉඩමට ඔප්පු ව නැහැ. බොන්න වතුර ටික නැහැ. මේවා ඇත්තටම ජනාධිපතිතුමාට කියන්න ඕන ප්‍රශ්ණ නෙවෙයි.නමුත් අනෙක් අයගෙන් කෙරෙන්නේ නැත්නම් එතුමාට පැමිණිලි කරන්න වෙනවා.
අපේ ගමේ තරුණ ශක්තිය ප්‍ර යෝජනයට ගෙන රටට වැඩ ඇති රටට සහ අපට ආදායම් ගෙන එන්න පුළුවන් වැඩ වලට අප යොමු කරන්න. අපට ඒ සදහා ණය මුදලක් වත් ලබා ගැනීමට ඉඩමට ඔප්පුව ලබා දෙන්න.
ඩී.එච්.සුජානි .ආනන්ද මහත්මිය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹත්තේගම ප්‍රා දේශීය ලේකම් කොටසේ 434 තුලාන සෝලම ගම්මානයේ අප පදිංචි වෙලා ඉන්නේ. මෙම ගම්මානයේ පවුල් 35 ක් ඉන්නවා. බොහෝ දෙනා කුළී වැඩ කරන්නේ. සමෘද්ධිලාභී පවුල් දෙකයි. අනෙක් අයට සුදුසුකම් තිබුනත් සමෘද්ධි දීමනා ලැබී නැහැ. අඩි 40 කටත් වඩා ගැඹුර ළිදක් තියෙනවා. ඒ ළිදෙන් තමයි ගමේ හැමෝම වතුර ගෙන යන්නේ. දිනපතාම අලි සවස සහ උදේට ගම පුරා ඉන්නවා. බස්එක දිනකට වාර දෙකයි ගමන් කරන්නේ.
ප්‍රධාන පාරට කිලෝ මීටර් 4 ක් 5 ක් යන්න ඕන. එකම පවුලකටවත් පදිංචි ඉඩම් වලට ඔප්පු තියා බල පත්‍ර වත් නැහැ.ග්‍රාම සංවර්ධන සමිතියක් නැහැ. අප ගම්මානයට හැම විටෙකම කුඩම්මාගේ සැලකිලි. හැබැයි ඡන්ද කාලෙට නම් මේ ගම පිරෙන්න අපේක්ෂකයින් එනවා. පොරොන්දු දෙනවා. දැන් ඉතිං අවුරුදු 35 ක් ම ඒ පොරොන්දු ඉටු කළේ නැහැනේ. මේ හැම දෙයක්ම අපි ජනාධිපතිතුමාට කියන එක හොද නැහැ. නමුත් අවශ්‍යතාවය කෙරුනේ නැත්නම් අවුරුදු 35 ක්ම හිටියා වගේ ඉදිරියටත් ඉන්න බැහැ. අපි ජනාධිපතිතුමා ට කියන්න ඕන.
එතුමා මේ සෝලම ගමේ පදිංචි අයට වහාම ඔප්පු ලබා දෙන්න කටයුතු කරාවි කියන විශ්වාසය අපට තිබෙනවා. බොන්න වතුර ටික ගන්න ජල පිල්ටර් එකක් නාවික හමුදාවෙන් වත් අපට ලබා දෙන්න.එක පිල්ටරයක් ඇති පවුල් සියල්ලටම. මේ තිබෙන ළිදෙන් වතුර පිල්ටරය ගහන්න පුළුවන්.
ඔප්පු ටික ලැබුනොත් අපට ණය මුදලක් හරි අරගෙන දියුණු වෙන්න පුළුවන්. අපේ අම්මලා තාත්තලා අවුරුදු 35 කට පෙර ආපු මේ ගම .අපේ පරම්පරාවටත් ඔප්පු නැහැ. අපේ දරුවන්ටත් ඔප්පු නැති වේද ?