Aboutceylon Online

තෝරාගත් පවුල් 300 ක් සඳහා රුපියල් මිලියන 26 ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පදවිය , බෝගසවැව ගොවි ජනතාව වෙනුවෙන්  මූල්‍යමය ආර්ථිකය ශක්තිමත් කිරීමේ  අරමුණින් අපේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මුල සුන ගෙන මේ වන විට ඔබේ ප්‍රදේශයට වසර 07 ක අඛණ්ඩ හිත මිතුරු සේවාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව අද වන විට අපි තෝරාගත් පවුල් 300 ක් සඳහා රුපියල් මිලියන 26 ක ණය මුදලක් සහ ලොකු ට්‍රැක්ටර් 02 ක් , ස්වංක්‍රිය වී කෙටීමේ යන්ත්‍ර තුනක් ලබා දීමට කටයුතු කලා. මේ සියල්ල තුලින් අපි බලා පොරොත්තු වන්නේ ඔබ අපේ ශක්තිමත් ගණුදෙණු කරුවෙකු කර ගැනීමයි යනුවෙන් බෝගසවැව ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා කලමණාකරු එස්.සී ගුණදාස මහතා පැවසීය.

පසුගියදා බෝගසවැව ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ හත් වන සංවත්සරය එම බැංකු ශාඛාවේ පවත්වමින් පැමිණි පිරිස අමතා ඒ මහතා එසේ පැවසීය,

මෙම අවස්තාව සඳහා පදවිය ප්‍රාදේශීය ලේකම් එම්. රලීමීදීන්, ප්‍රාදේශීය සංවර්ධන බැංකු උතුරුමැද පළාත් සහකාර සාමාන්‍යධිකාරි කේ.සී.ඩී ධර්මප්‍රිය, අනුරාධපුර දිස්ත්‍රික් කලමණාකරු  එස්.ඩී. ඒ.එස් සන්දනායක, බෝගසවැව ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා කලමණාකරු එස්.සී ගුණදාස සහ ගණුදෙණු කරුවන් 350 ට ආසන්න පිරිසක් සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බෝගසවැව ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා කලමණාකරු එස්.සී ගුණදාස මහතා,

අපි සෑම විටම සුහදශීලි ගුණාත්මක, ක්‍රියාශීලි සේවාවක් ලබා දීමටයි සැවොම, සෑමදාම උත්සහ කරන්නේ. අපේ කොදු නාරටිය ගණුදෙණු කරුවන්. අපි ඔබලා සමග උරෙන් උර ගැටී දුක සැප බෙදාගෙන මේ  වන විට සත් වසරක සේවාවක් ඔබට ලබා දී තිබෙනවා. අපි කිසි දින ඔබව අපහසු තාවයට පත් කර නෑ. අපි රජය විසින් ගනු ලබන සහන තීන්දු තීරණ නොපැකිලිව ඔබට ගබා දීමට සූදානම්.

මහ බැංකුවේ අනුමැතිය අනුව. අපි උතුරුමැද පළාතේ තවත් සාර්ථක බැංකු ශාඛාවක් ලෙස මෙම ශාඛාව පත් කරමු කියා මම අපේ ගණු දෙණු කරුවන්ගෙන් මේ මොහොතේ ඉල්ලා සිටිනවා.

Scroll to Top