Aboutceylon Online

වනුෂි නවසීලන්ත පාර්ලිමේන්තුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර් නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සදහා තේරීපත්ව තිබෙනවා.

අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩ්න්ගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් වයඹ දිග ඕක්ලන්ඩ්හි මන්ත්‍රී ධුරය සදහායි ඇය තරග වැදුනේ. එහිදී විපක්ෂයේ අපේක්ෂකයා පරාජය කරමින් ඡන්ද 14142 ක් ලබාගැනීමට ඇය සමත් වුණා.

ශ්‍රී ලංකාවේ උපත ලද වනුෂි තම දෙමාපියන් සමග මෙරටින් පිටව ගොස් ඇත්තේ පස් හැවිරිද වියේදීයී. ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේදී නීති උපාධිය හැදෑරූ ඇය වෘත්තියෙන් මානව හිමිකම් පිලිබද නීතිඥවරියක්.

ඇම්නෙස්ති ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් හා මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් ලෙස ද ඇය කටයුතු කර තිබෙනවා.

නවසීලන්තයේ පැවති මහමැතිවරණයේ අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩ්න්ගේ කම්කරු පක්ෂය සියයට හතලිස් නවයි දශම එකක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ආසන 120 න් 64 ක් දිනා ගැනීමට සමත් වුණා.

මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සදහා නවකයින් 40 දෙනෙකු තේරීපත්ව ඇති අතර එයට අප්‍රිකා, ලතින් ඇමෙරිකා හා ශ්‍රී ලාංකික ජාතිකයින් ද ඇතුළත්.

Scroll to Top