මේ රටේ වැඩිම , ඉහලම අධ්‍යාපනයක් ලැබූ උපාධිධාරි දරුවන්, අද වන විට රජයට බරක් විදියට පත්වෙලා. මේ දරුවන් අපේ රටේ සම්පතක්. මේ අයගෙන් රජය ප්‍රයෝජන ගත යුතුයි රටක් විදිහට. දැනට පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතු කාලය එලබිලා තියෙන්නේ.
මේ දරුවන් මහ පාරවල් වල රස්තියාදු කිරීම හරිම අපරාධයක්. මේ රටේ ජීවත් වීමට අත්‍ය අවශ්‍යයැයි සිතන රජයේ රැකියා කියන මානසිකත්වය දරුවන්ගෙන් සහ දෙමවිපියන්ගෙන් ඈත් කර අධ්‍යාපනයේ ක්‍රමවේදයන් වෙනස් කරමින් ඒ අනුව සුදුසු කලට සුදුසු විෂයන් අනුව රැකියා ලබා දීමේ නව ක්‍රම වේදයක් රට තුළ නිර්මාණය කළ යුතු යැයි මැදවච්චිය සමගි ජන බල වේගයේ ආසන සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ බංඩාර මහතා පැවසීය.
මේ වන විට නව රජය විසින් බදවා ගත් උපාධිධාරින් 60.000 ක, වැඩ සටහන් මාලාවේ පවතින අක්‍රමිකතා පිළිබඳ මාධ්‍ය දැණුවත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමින් පසුගියදා මැදවච්චිය නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ බංඩාර මහතා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැදවච්චිය සමගි ජන බල වේගයේ ආසන සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ බංඩාර මහතා,
අද වන විට උතුරුමැද පළාතේ මෙන්ම දිවයින පුරා උපාධිධාරි පත්වීම් ලාභි දරුවන් අසරණ වෙලා. මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති දුර්වලතා හේතුවෙන් රටේ වැඩිම , ඉහලම අධ්‍යාපනයක් ලැබූ උපාධිධාරි දරුවන් අද වන විට රජයට බරක් විදියට පත්වෙලා.
නව රජය විසින් බදවා ගත් උපාධිධාරින් 60.000 ක දරුවන් පත් වීම් ගන්න විට සමහර දරුවන් මව් පදවිය ලබලා. තවත් අය දරුවන් බිහි කරන්න මාසයක, දෙකක කාල සීමාවේ.
මොකද ඒ උපාධිය අරන් එලියට එන විට රැකියාව අතට ලැබෙන ක්‍රම වේදයක් මේ රට තුල නැති කමයි. සුදුසු කල ගැහැණු දරුවන් විවාහා කර දිය යුතුයි. හැදෑරු උපාධියට රැකියාව ලැබෙනකම් දරුවන් නිවස් වල තබාගෙන හිටියොත් ඒ අයට වෙන්නේ විවාහා ජීවිතයක් නොමැතිව ජීවත් වෙන්නයි.
අද බලන්න මේ අයට පත් වීම් දීලා සති 03 ක නේවාසික පුහුණුවක් දෙනවා.ගැබිණි මවිවරුන් කොහොමද නේවාසිකව ඒ පුහුණු වීම් ලබන්නේ. ඒ වගේම දරු ප්‍රසූතිය කල උපාධිධාරි මව් වරුන්ට ප්‍රසූතිය කාලයේ සිට සති 06 න් නව රැකියාවට වාර්ථා කරන්න සිදු වෙලා තියෙනවා.
මේවා සිදුනොවිය යුතු දේවල්. මේ දරුවන්ට නිසි වෙලාවට මවු කිරි ටික නොදී අපේ රටේ දරු පරපුර විනාශ කරන්නද මේ අය මේ හදන්නේ. මේවට ක්‍රම වේද සැකසිය යුතුයි. දරුවන් අපේ රටේ කොදු නාරටිය. ඌන දරුවන් මේ තුළින් රට තුල නිර්මාණය වීමේ ප්රවනතාව වැඩියි.
මේ අයට රැකියා ලබා දීමේදී මේ පිළිබඳ සැලිකිලිමත් වෙලා කිරි පැය තුලවත් දරුවන්ගේ කුස ගින්න නිවිය හැකි වන පරිදි පදිංචියට ආසන්නම ස්ථානයේ මේ දරුවන්ට සේවය කරන්න අවස්තාව උදා කරලා දෙන්න කියලා මම රජයෙන් ඉල්ලනවා.
මේ සියල්ලටම මුල රටේ අධ්‍යාපන ක්රමයේ වැරද්දයි. අද වන විටි විද්‍යාව , ගණිතය, උගන්වන්න දාන්නේ උපාධියට වෙනත් විෂයක් කළ අය. නිසි ක්‍රම වේදයක් නොමැති කමින් දරුවන් රැල්ලට විෂයන් තෝරගෙන අධ්‍යාපනය කරන ක්‍රම වේදයක් අද වන විට රට තුල ක්‍රයාත්මක වෙනවා.
අපිට දරුවන් ගැන තීන්දු තීරණ ගන්න විට ජාති, කුල , මල ,පක්ෂ බේද අවශ්‍ය නෑ. අපි හැමෝම එකතු වෙලා මේ වැරදි ක්‍රම වේදය අධ්‍යාපනයෙන් ඉවත් කරමු. උපාධිධාරින් රජයට බරක් නොවී රජයට ශක්තියක් වන විදිහේ නව රැකියා ක්‍රම වේදයක් රට තුල ඉදිරියෙදී කඩිනමින් සැකසිය යුතුයි. ඒ සඳහා අපි සහයෝගය ලබා දීමට සූදානම්.