කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 3 ක් හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේ වසා දමා ඇත්තේ බදුගම, බදුගම නව ජනපදය, ඔ්විටිගල යන ගම්මාන තුනයි.
මේ අතර මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ මතුගම ප්‍රදේශයෙන් 17 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගත් බවයි.