Aboutceylon Online

වසර 60 ක් ඉපැරණි වතු නිවාස පේලියක් ගිලා බසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වසර 60 කට වඩා ඉපැරණි වතු නිවාස පේලියක් ගිලා බැසිමේ අවධානමට ලක් විම හේතුවෙන් නිවාස 4 කට අයත් සමාජිකයන් 25 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය සහ වසමභාර ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් කටයුතු කරනු ලැබුහ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග බගවන්තලාව පොලිස් වසමට අයත් කිව් වතුයායේ වතු නිවාස පේලියක බිත්ති ඉරිතලා කඩා වැටිමේ අවධානමකට ලක් වි ඇත.

වසර 60 කට පමණ ප්‍රථම ඉදි කල මෙම වතු නිවාස පේලිය මේ වන තෙක් කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු කර නොමැති බවත්, පසුගිය දින කිහිපය තුල ක්‍රමක් ක්‍රමයෙන් එම නිවාස පේලියේ බිත්ති ඉරිතලා පුපුරා ගොස් ඇති බවයි එම නිවාස වල පදිංචිකරුවන් කියා සිටියේ.

අවතැන් වු එම වතු නිවාස වල පදිංචිකරුවන් තාවකාලිකව එම වතුයායේ වතු පාසලේ නතර කිරිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.

ඇවතැන් වුවන්ට අවශ්‍යය යටිතල පහසුකම් සහ ආහාර පාන වතු පාලන අධිකාරිය සහ ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය මගින් ලබා දි ඇත.

Scroll to Top