මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් ආසාදිතයින් ගණන අද (14) උදෑසන වන විට 1,591 දෙනෙකු ලෙස වාර්තා වේ.
ඉන් පුද්ගලයින් 1,036ක් එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් පුද්ගලයින් 555 දෙනා එම කම්හලේ සේවකයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඊයේ (13) දිනය තුළ පී.සී.ආර් පරික්ෂණ 6,190ක් සිදු කිරීමත් සමග මෙරට සිදුකර ඇති සමස්ථ පී.සී.ආර් පරික්ෂණ සංඛ්‍යාව 342,343ක් දක්වා ඉහළ ගොස් තිබේ.