හැටන් සිට නුවරඑලිය දක්වා ධාවනය වු මොටර් රථයක් සහ තලවකැලේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටි (12) දින අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
(12) දින පස්වරු 5 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ මල්ලිඅප්පුව වත්ත ප්රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය වි ඇති යතුරුපැදිය මොටර් රථයේ ගැටි මොටර් රථය යතුරුපැදිය සමග මිටර් 10 ක් පමණ ඉදිරියට ඇදි ගොස් මොටර් රථය නතර වි ඇත.
යතුරුපැදිය මොටර් රථයේ ගැටෙන අවස්තාවේ යතුරුපැදිකරු විසි වි බිමට වැටි සුළු තුවාල ලබා ඇත.
අධික වේගයෙන් ධාවනය වි ඇති යතුරුපැදිය පැවති අයහපත් කාලගුණයත් සමග ලිස්සාගොස් මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසිය.
අනතුරෙන් යතුරුපැදියට සහ මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.