Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 51ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 51 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් වාර්තා වී තිබෙනවා.

එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 36 දෙනා ආශ්‍රිතයින් ඇසුරෙන් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 90ක් වනවා.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1397ක් දක්වා ඉහළ ගොස් ඇත.

Scroll to Top