Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කැළණිය සරසවියේ පිරිසකුත් ස්වයං නිරෝධායනයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග, එම සිසුවිය නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරයේ සිසුවියන් සහ කාර්ය මණ්ඩලයට අයත් 11 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව කැළණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ අදාළ සිසුවියගේ පියා, මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කර ඇති අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර තහවුරු ව තිබිණ.

අනතුරුව එම සිසුවියට කළ පී සී ආර් පරීක්ෂණයේදී ඇයට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ විය.

ඉකුත් සතියේදී කැළණිය විශ්ව විද්‍යාලයේ සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම සේවකයා සහ ඔහු සමග සමීපව කටයුතු කළ තවත් සිව්දෙනෙකු පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරින.

Scroll to Top