මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (10) දින රාත්‍රියේ සිට පවතින අධික අයහපත් කාලගුණය හමුවේ හැටන් ඇතුළු වතුකරයේ පහේ ශිෂ්‍යත්වයට පෙනි සිටින සිසු සිසුවියන් සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
පාසල අසලටම ප්‍රවාහන පහසුකම් ලබා ගනිමින් එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විභාග මධ්‍යස්ථාන වෙත තම දරුවන් රැගෙන පැමිණි අතර සැම විභාග මධ්‍යස්ථානයක් අසලම මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ පොලිස් නිලධාරින් අධික්ෂණය කරනු ලබයි.
වතුකරයේ ප්‍රධාන විභාග මධ්‍යස්ථාන කිහිපයකම ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් දැත් සේදිමට පහසුකම්ද සලසා තිබුණි.