Aboutceylon Online

කොරෝනා ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569ක් වනවා.

මිනුවන්ගොඩ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඇගලූ‍ම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවිකාවන් සහ කාර්යය මණ්ඩලය සාමාජිකයින් ගණන 1400 ක් වන අතර ඔවුන් සියලූ‍ දෙනා නිරෝධායනයට යොමු කිරීමට මේවනවිටත් පියවර ගෙන තිබෙනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගලූ‍ම් කර්මාන්ත ශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තීරණය කළ බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩි ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ දිස්ත‍්‍රීක්කයෙන් හදුනා ගැනෙන කොරෝනා ආසාදිතයින්ට ප‍්‍රතිකාර සේවාවන් සැපයීම සදහා යොදා ගෙන තිබෙනවා. එමෙන්ම කොරෝනා ආසාදිතයින් බවට සැක කෛරන රෝගීන් ඇතුළත් කර පරීක්ෂා කිරීමට ගම්පහ රෝහල යොදා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

Scroll to Top