මෙරට තුල යලිත් කොවිඩ් 19 වෛරසය ආසාධනය වු රෝගින් දෙදෙනෙකු හදුනා ගැනිමත් සමග සෞඛ්‍යය අංශ සහ ආරක්ෂක අංශ විසින් යලිත් නිකුත් කල සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද පිලිපැදිමට කදුකරයේ ජනතාව කටයුතු කර ඇත.
හැටන් බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කරන සහ හැටන් බස් නැවතුම්පලට පැමිණෙන සියළුම බස් රථ වල මගින් ආසන සංඛ්‍යාව අනුව ප්‍රවාහනය කිරිමට බස් රථ රියදුරන් කටයුතු කර ඇත.
මුඛ ආවරණ නොපැලද බස් රථ වල ගමන් ගන්නා මගින්ව දැනුවත් කිරිමටද බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කරමින් සිටියි.
නගරයට පැමිණෙන ඇතැම් පාරිභෝගිකයන්ද මුඛ ආවරණ නොපැලද පැමිණෙන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.
හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාවද සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද පිලිපදිමින් තම ව්‍යාපාර කටයුතු සිදු කරන ආකාරයක්ද කැමරාවේ සටහන් විය.