Aboutceylon Online

ඉන්දියාවටත්, ලංකාවෙන් පුනර්ජනනීය බලශක්ති ලබා දීමට සැලසුමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තලෙයිමන්නාරම ඉන්දියාවේ ධනුෂ්කෝඩි සිට සැතපුම් 18 ක් පමණ දුරින් පිහිටයි. දෙරට අතර භූ තීරුවක් ලෙස ක්‍රියාකරන වැලි වැටිය නැතහොත් ආදම්ගේ පාලම, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින එකම නොගැඹුරු භූ සම්බන්ධතාවය ලෙස හැඳින්වෙයි.

සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ආදම්ගේ පාළම ඔස්සේ ඇවිද ගොස් එය නිරීක්ෂණය කරනු ලැබීය.

මන්නාරම පුනර්ජනනීය බලශක්තියේ කේන්ද්‍රස්ථානයක් වෙයි.ඉන්දියාවට ඉතාම නුදුරුයි මන්නාරම.අපි ඉතිහාසයේ සිටම ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනීම, ඉන්දියාවට විදුලිය ලබා දීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කරලා තියෙනවා.

අපිට පුනර්ජනනීය බලශක්තිය වැඩි කර ගැනීමත් එක්ක අපිට හැකියාව තියෙනවා ඉන්දියාවට විදුලිය ලබා දෙන්න.ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී සාකච්ජා කරනවා යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙරට විදුලි බල පද්ධතියට මෙගා වොට් 103 ක් එක් කිරීමේ අරමුණින් මන්නාරම ප්‍රදේශයේ මෙම සුලං විදුලි බලාගාරය ඉදි කෙරෙමින් පවතියි.මෙරට තුළ පුද්ගලික අංශය මගින් සුළං විදුලි නිෂ්පාදනය සිදු කළද, ලංකා විදුලි බල මණ්ඩලයට අයිති වන පළමු සුලං බලාගාරය මන්නරාම සුළං විදුලි බලාගාරයයි.

කිලෝ මීටර 12.5 ක් පුරා සුලං විදුලි බලාගාරයේ සුලං පෙති 33 ක් මන්නාරම වෙරළ තීරයේ සවි කිරීමට නියමිත අතර, එයින් 30 ක් පමණ මේ වන විට සවි කර අවසන් වී ඇත.එම 30 මගින් මෙගා වොට් 103.5 ක් නිෂ්පාදනය කළ හැකිය.

එම සුළං බළාගාරයේ විදුලි පද්ධතිය නුදුරේදීම ජාතික පද්ධතියට එක්කාසු කිරීමට නියමිත අතර තවත් මෙගා වොට් 300 ක් නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතුද මන්නාරමේ ආරම්භ කරන බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මෙරටට ආසන්නම ඉන්දියාවට විදුලිය ලබා දීමට පුනර්ජනනීය බළශක්තිය යොදා ගැනීමට අදහස් කරන බවත්, ඒ සදහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

Scroll to Top