Aboutceylon Online

ඉදිරි පැය 72 තීරණාත්මකයි : 69කට කොවිඩ්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව වාර්තා වේ.

මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එම ඉතිරි වාර්තා අද ලැබීමට නියමිතය.

මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ දී කොවිඩ් ආසාදනය වූ සේවිකාව සිදුකර ඇති ප්‍රකාශ අනුව එහි සේවය කරමින් සිටි තවත් පිරිසකට දින කිහිපයකට පෙර සිට කැස්ස ඇතුළු රෝග ලක්ෂණ තිබු බවට ප්‍රකාශ කර ඇති බව යුධ හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදී සිටින තවත් සේවක සේවිකාවන් 1400 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සහ හෙට දිනයේදී සිදුකිරීමට නියමිත බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියා.



මේ අතර මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන අයවළුන් මුණ ගැසීමට පසුගිය දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පුද්ගලයින් පැමිණි ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව දැනට සිදුකරනු ලබන PCR පරීක්ෂණ සිදුකොට ඔවුන්ට කොරෝනා වසංගතය ආසාදනයවී ඇත්ද යන්න සැකහැර දැන ගැනීමට අවශ්‍ය බැවින් ඉදිරි පැය 72ක කාලය ඉතා තීරණාත්මක බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මේ හේතුවෙන් මහජනතාව සමාජයට අනවශ්‍ය ලෙස පැමිණීමෙන් වලකින ලෙසත්, රැකියා සඳහා හෝ ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යාමේදී මුඛ ආවරණ පැලදීම සහ මීටරයක දුර පවත්වාගෙන යාම හා නිසි සෞඛ්‍ය ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස යුධ හමුදාපතිවරයා මහජනතාව දැනුම් දී සිටිනවා.

Scroll to Top