Aboutceylon Online

දිවයින පුරා සියලු සුරාසැල් වැසේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු වෙළද බලපත්‍ර වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් තුමා විසින් නියෝග කර ඇත.

සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන සුරාබදු බලපත්‍රධාරීන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීමට දිවයින පුරා පිහිටි සියලුම සුරාබදු ස්ථානවලට උපදෙස් ලබා දී තිබේ.

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් අද දිනයේ දිවයින පුරා සියලු සුරාසැල් වසා දැමීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මත්ද්‍රව්‍ය අපරාධ කරන්නන් පිළිබඳව තොරතුරු වෙතොත් 1913 දුරකථන අංකය අමතා ලබා දෙනමෙන් ඉල්ලා සිටින අතර තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය රැක ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි.

Scroll to Top