කොළඹ මාර්ග දෙපස ඇති ගස් ආරක්ෂා කර මහජන දේපොළ සුරක්ෂිත කිරීමේ ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට ජනාධිපති කාර්යාලයේ පරිසර ඒකකය සැලසුම් කර තිබේ.
ඒ, කොළඹ නගරයේ විටින් විට ගස් කඩා වැටීමට හේතු වූ සමීක්ෂණයෙන් අනතුරුවයි.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, පසුගිය සති කිහිපයේ කොළඹ නගරයේ විශාල ගස් 27 ක් ඉදිරී ඇද වැටුණු බවයි.
ගසේ මුල් දිරාපත්වීම, ආයු කාලය ක්ෂයවීම, පරපෝෂණය සහ ශාක කඳන් මත පාසී බැඳී බර වැඩීවිම යන හේතු මත එම ගස් කඩා වැටී ඇති බව අධ්‍යයනයේදී අනාවරණය වී ඇත.
පේරාදෙණිය උද්භිත උද්‍යානය, කොළඹ මහනගර සභාව හා එහි නව අලංකරණ ඒකකයේ නිලධාරීන් මගින් එම අධ්‍යයන සිදු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.