Aboutceylon Online

ඉකිරිගොල්ලෑව හෝටලයකට ප්‍රහාරයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉකිරාගොල්ලෑව නගරයේ පිහිටි සරාෆ් හෝටලය පසුගියදා රාත්‍රියේ කිසියම්  කල්ලියක් විසින් ප්‍රහාරයක් එල්ල කර වීදුරු කඩා, අගුල් බිද දමා, අලාබ හානි කර ,මුදලින් රුපියල් 28000 ක් සහ සිකරට් පෙට්ටි 08 ක් සොරාගෙන ගොස් ඇති බව හෝටලයේ හිමි කරු ජේ. බසීර් මහතා පැවසීය.

මෙම හොරු කණ්ඩායම එදින රාත්‍රි 09.30 ත් 10.00 ත් අතර මෙම හෝටලයට කඩා ඇති බව අප කළ විමසීමේදී සරාෆ් හෝටලයේ හිමි කරු පැවසූහ.

එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ හෝටලයේ හිමි කරු ජේ. බසීර් මහතා,

මට දැන් වයස අවුරුදු 31 යි. මම දුක් මහන්සි වෙලා හම්බ කරගෙන ඉතුරු කරගත්තු මුදල් වලින් මෙම හෝටලය පටන් ගත්තේ. බැංකු වලට ණය වෙලයි අපි මේ ව්‍යාපාර කරන්නේ. පසුගිය ඉරිදා කිසියම් හොරු කල්ලියක් මගේ හෝටලයට ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා.

දාලා තිබුණු විදූරු කඩලා, සල්ලි අරන් ලාච්චුවේ තිබුණු. 28000 ක් තිබුණා සල්ලි. ඒ වගේම කඩේ තිබුණ සිකරට් පෙට්ටි 08 ක් සොරකම් කරලා.  මට රුපියල් ලක්ෂ 4 ක පමන අලාබ හාණියක් මේ අය සිදු කරලා. මේ ප්‍රහාරයට හේතුවක් මම දන්නේ නෑ.

මම මේ පිළිබඳ මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් කලා. විමර්ෂණ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා. මීට පෙරත් මේ ප්‍රදේශයේ වෙළඳ සැල් කිහිපයක් හොරු කැඩුවා. නමුත් මේ විදිහට ප්‍රහාරය එල්ල කරලා තිබුණේ නැහැ. මගේ හෝටලෙන් සල්ලි , සිකරට් පෙට්ටියි අරගෙන ගිහින් විතරක් නෑ මේ අය.

කඩේ කුඩු කරලයි ගිහින් තියෙන්නේ. මම පොලිසියේ මහත්වරුන්ගෙන් ඉල්ලන්නේ  මේ හොරු අල්ලගෙන මට වුණ අලාබය අරගෙන දෙන්න කියලයි. නැවත මේ ව්‍යාපාරය ආරම්භ කරන්න මම ලග සල්ලි නෑ.

Scroll to Top