අද අධි වප් පුර පසළොස්වක පොහොය දිනයයි. වප් යනු වැපිරීමයි.ඒ අනුව වපුරා කපා පාගා ගොවියන් බුක්ති විඳින සමයි.
බුදුන් වහන්සේ තම මෑණියන් වූ මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කිරීමට බුදුරදුන් තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට ධර්මය දේශනා කොට, පසුව වස් කාලය ද එහිම ගත කර නැවත දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ වප් පුර පොහෝදාය.
අගසව් දෙනම අතරින් දකුණුත්සව් වැඩ සිටි සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම අදවන් පෝය දින සිදු විය.
බුද්ධත්වයෙන් සත්වන වස තව්තිසා දෙව්ලොව වස් විසූ බුදුපියාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට (අභිධර්ම) විජම් බණ දේශනා කර රන් ඉනිමඟක් මතින් පෙළහර පා දඹදිව සංකස්ස පුරට වැඩම කළේ ද වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
සොලොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පසු මතු බුදුවන බව මෛත්‍රී බෝසතාණෝ මෙම ධර්ම සංවාදය ඇසීමෙන් අපමණ සතුටට පත් වී ගෞතම බුදු සසුනෙහි පැවිදි වූයේ වප් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.
වප් පෝය දින තවත් වැදගත් සිදු වීමක් ලෙස සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකුත් මෙරට වැඩම කිරීමට අවශ්‍ය බව දන්වන සංදේශය රැගත් අරිට්ඨ කුමරු සමඟ රාජකීය දූත පිරිස දඹදිව රම්‍ය වූ පැළලූප් නුවරට පිටත් වූයේ අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකදීය.